CT25 : යන්ග්ගේ හා ලේතම්ගේ ශතක නවසීලන්තයට ජය ගෙනෙයි

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානය පරදා ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.

කරච්චිහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා.

විල් යන්ග් ලකුණු 107 ක් රැස් කළේ පන්දු 113 කින් හයේ පහරක් හා හතරේ පහර 12 ක් සමගින්. ටොම් ලේතම් නොදැවී ලකුණු 118 යි. පන්දු 104 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

ග්ලේන් පිලිප්ස් හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් සමගින් පන්දු 39 කින් ලකුණු 61 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 260 ක් පමණයි.

කුෂ්දිල් ශාහ් ලකුණු 69(49) ක් හා බාබර් අසාම් ලකුණු 64 (90) ක් ලබා ගත් අතර, සල්මාන් ආගා ලකුණු 42(28) කට දැවී ගියා.

පන්දු යැවීමේදී විල් ඕරෝක් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, මැට් හෙන්රි කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...