පුත්‍රයා සමග ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් මොහමඩ් නබී විශ්‍රාම ගැනීම කල් දමයි

Date:

පෙර සැලසුම් කළ පරිදි මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු නොදීමට ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී තීරණය කර තිබෙනවා.

සිය පුත්‍රයා වන Hassan Eisakhil සමග එකට ඇෆ්ඝනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටයි ඔහු අපේක්ෂාවෙන් පසුවන්නේ.

තමා ශූරයින්ගේ කුසලානයෙන් පසුව එක්දින පිටියට සමු දෙන බව 40 හැවිරිදි නබී පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළා.

නමුත් මේ වන විට ඔහු පවසා ඇත්තේ තමා ඒ පිළිබද තවමත් සිතමින් සිටින බවයි.

“මේවා මගේ අවසාන එක්දින තරග නොවෙන්න පුළුවන්, මම බොහෝ විට අඩු එක්දින තරග ක්‍රීඩා කර තරුණ ක්‍රීඩකයින්ට අත්දැකීම් ගොඩ නගා ගන්න අවස්ථා ලබා දෙයි.” යනුවෙන් නබී අයි.සී.සීය වෙත සදහන් කළා.

තමා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, තමාගේ ශාරීරික යෝග්‍යතාවය අනුව සිය අනාගතය තීරණය වනු ඇති බවත් මොහමඩ් නබී පෙන්වා දෙනවා.

නබීගේ 18 හැවිරිදි පුත්‍රයා වන Eisakhil 2024 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළ පිතිකරුවෙක්.

ඒ අනුව ඔහුගේ පියා මේ වන විට බලාපොරොත්තුවෙන් පසුවන්නේ ඔවුන් දෙදෙනාටම ඉක්මණින්ම ජාතික කණ්ඩායමට එකට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

“ඒක මගේ සිහිනය. අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා ගොඩක් හොඳින් වැඩ කරනවා… එයා මහන්සි වී වැඩ කරන කෙනෙක්, මමත් එයාට වැඩ කරන්න කියලා බල කරනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...