නවසීලන්තයේ තවත් ප්‍රබලයෙකුට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මෙම මස මුලදී International League T20 (ILT20) තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේදී ඔහුගේ පාදයක සිදු වූ ආබාධය හේතුවෙන්.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් ජමීසන් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජමීසන් පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ගොදුරු වී සිටි අතර, ඒ හේතුවෙන් මාස 10 ක පමණ කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස්ට ද පාදයක ආබාධයක් හේතුවෙන් පසුගිය සතියේදී ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වුණා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය හෙට(19) පාකිස්තානයේදී ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...