ඇලෙක්ස් හේල්ස් දේශීය තරගාවලි දෙකක් මග හරයි

Date:

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඇලේක්ස් හේල්ස් 2025 T20 Blast හා Hundred ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට සූදානමින් පසුවනවා.

ඒ, ඔහු විසින් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට හා කොදෙව් දූපත්හි කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වීමත් සමගයි.

36 හැවිරිදි හේල්ස් 2023 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් නමුත්, තවදුරටත් ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කරමින් සිටිනවා.

විස්සයි 20 තරග ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද ඔහු මෙම මාසයේදී පත් වුණා.

ඇලේක්ස් හේල්ස් 2008 වසරේ සිට Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ නමුත්, 2025 අදියර වෙනුවෙන් ඔහු එම කණ්ඩායම සමග නව ගිවිසුමක් අත්සන් තබා නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...