London Spirit නව නායකයා නිවේදනය කෙරේ

Date:

නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් Hundred ක්‍රිකට් තරගාවලියේ සෘජුව ගිවිසුම්ගත වූ පළමු විදෙස් ක්‍රීඩකයා බවට පත් වෙමින් London Spirit සංචිතය සමග එක්ව තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ තරගාවලියේදී ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

විලියම්සන් Middlesex කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිත අතර, ඒ අනුව මාස 4ක පමණ කාලයක් ඔහු එංගලන්තයේ රැදී සිටීමට නියමිතයි.

34 හැවිරිදි විලියම්සන් මීට පෙර Hundred ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කර නැහැ.

2021 වසරේදී Birmingham Phoenix කණ්ඩායම විසින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී (Draft) ඔහුව තෝරා ගත් නමුත්, පසුව ආබාධයක් නිසා විලියම්සන් එම තරගාවලියෙන් ඉවත් වුණා.

Hundred තරගාවලියේ නව නීතිවලට අනුව සෑම කණ්ඩායමකටම ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පිට සෘජුවම විදෙස් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත විය හැකි අතර, එම ක්‍රීඩකයා අදාළ සංචිතයට රදවා ගත හැකි ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඇතුළත් විය යුතුයි.

මීට සති කිහිපයකට පෙර Hundred තරගාවලියේ කණ්ඩායම්වල කොටස් අලෙවි කිරීම සදහා පැවැති වෙන්දේසියේදී ඉහළම ලංසු වටිනාකමක් හිමි වූයේ London Spirit කණ්ඩායමටයි. එනම්, පවුම් මිලියන 295 ක වටිනාකමක්. (රුපියල් කෝටි 10,964)

Cricket Investor Holdings Limited විසින් London කණ්ඩායමේ කොටස්වලින් 49% ක් මිලදී ගත්තා. ඉතිරි 51% තවදුරටත් MCC සතුවනවා. ඒ අනුව එම කණ්ඩායමෙන් මිලදී ගත් 49% ක කොටස් වෙනුවෙන් Cricket Investor Holdings Limited සමාගම ගෙවිය යුතු වන මුදල පවුම් මිලියන 145.5 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...