මොහමඩ් නබී එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට සැරසෙයි

Date:

ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට අවධානය යොමු කර ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔහු සිය තීරණය සම්බන්ධයෙන් තම ආයතනය දැනුවත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා එම වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ.

ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ මංගල එක්දින තරගය සදහා ද ක්‍රීඩා කළ නබී මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 165 ක් ක්‍රීඩා කර එහිදී ලකුණු 3,549 ක් රැස් කර තිබෙනවා. දවා ගෙන ඇති කඩුලු ගණන 171 ක්.

බංග්ලාදේශය සමග පසුගියදා පැවැති පළමු එක්දින තරගයේ දී ද වටිනා ලකුණු 84 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ පදනම සකස් කර දුන්නේ ද මොහමඩ් නබී.

ටෙස්ට් තරග 3ක් ද ක්‍රීඩා කළ ඔහු 2019 වසරේදී ටෙස්ට් පිටියෙන් සමු ගත්තා. නබී ඉදිරියටත් විස්සයි 20 ක්‍රිකට් පිටියේ රැදී සිටිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...