දරුණු අනතුරෙන් පසු රවීන්ද්‍රගේ තත්ත්වය ගැන නවසීලන්තයෙන් නිවේදනයක් (දර්ශන සහිතයි)

Date:

නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රට පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සදුදා (10) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමට ඉඩ ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහු තුන්කොන් තරගාවලිය යටතේ ඊයේ(8) පාකිස්තානය සමග පැවැති තරගයේදී මුහුණ දුන් අනතුර හේතුවෙන්.

පාකිස්තාන ඉනිමේ 38 වැනි පන්දුවාරයේදී පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී පන්දුව මුහුණේ වැදීමෙනුයි රචින් රවීන්ද්‍ර මෙම අනතුරට මුහුණ දුන්නේ. (දර්ශන කිහිපයක් පහතින්)

අනතුරුව ඔහුගේ මුහුණෙන් රුධිරය ගලා යන ආකාරයක් ද දැක ගත හැකි වූ අතර, එම අවස්ථාවේදීම ඔහුට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගැණුනා. පසුව ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගියා.

රවීන්ද්‍ර මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවත්, ඔහුගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ලාහෝර්හීදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 252 ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 78 ක ජයක් හිමි වුණා.

මේ අතර, මෙම තරගයේදී පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ද ආබාධයකට ලක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...