2011 න් පසු පළමු වරට ශ්‍රී ලංකාව මෙරටදී ඔස්ට්‍රේලියාව හමුවේ ටෙස්ට් තරගාවලියක් පරදියි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(9) සමත් වුණා. ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ 2011 වසරෙන් පසුව පළමු වරටයි.

ගාල්ලේ පැවැති දෙවැනි තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 231 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 50(54) ක් ලබා සිටියදී ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියා. ලහිරු කුමාර ලකුණු 9කට දැවී ගියේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 76(149) ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

පන්දු යැවීමේදී මැතිව් කුහ්නෙමන් හා නේදන් ලයන් කඩුලු 4 බැගින් බිද හෙලූ අතර, බෙවු වෙබ්ස්ටර් කඩුලු 2 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 75 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 20 කට දැවී ගිය අතර, උස්මාන් කවාජා නොදැවී ලකුණු 27 ක් හා මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 257 ක් පමණයි. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 74 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, මැතිව් කුහ්නෙමන් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 414 ක් රැස් කළා. ඒ, ඇලෙක්ස් කෙරී ලබා ගත් ලකුණු 156 න් හා ස්ටීවන් ස්මිත් ලබා ගත් ලකුණු 131 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 151 ක් ලබා දෙමින්.

මෙය ශ්‍රී ලංකා හිටපු නායක හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්. ඔහු පළමු ඉනිමේදී ලකුණු 36 ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 14 ක් ද රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...