දෙවැනි එක්දින තරගයේදී එංගලන්තයේ අතිරේක පන්දු රකින්නන් ලෙස පුහුණුකරුවන් නම් කෙරේ

Date:

එංගලන්ත පිතිකරු ජේකබ් බෙතෙල්ට ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහු ඉන්දියාව සමග පැවැති පළමු එක්දින තරගයේදී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා 21 හැවිරිදි ඔහුට ඉන්දියාව සමග අද(9) දහවල් කටක්හීදී ආරම්භ වූ දෙවැනි එක්දින තරගය ද අහිමි වුණා.

එමෙන්ම ලබන බදාදා දිනයේදී අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය ද ඔහුට අහිමි වනු ඇති.

මේ වන විට කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ද පාදයක ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් දෙවැනි එක්දින තරගය සදහා අතිරේක පන්දු රකින්නන් නම් කිරීමේ දී එංගලන්තය අර්බුදයකට මුහුණ දුන්නා.

ඒ අනුව සහාය පුහුණුකරුවන් වන මර්කස් ට්‍රෙස්කොතික් හා පෝල් කොලින්වුඩ් අතිරේක පන්දු රකින්නන් (sub-fielders) ලෙස නම් කිරීමටයි එංගලන්තය පියවර ගෙන තිබුණේ.

මේ අතර, තෙවැනි එක්දින තරගය සදහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමේ අරමුණින් ටොම් බැන්ටන් එංගලන්ත සංචිතයට කැදවා ඇති අතර, ඔහු සදුදා දිනයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...