කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්

Date:

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගාල්ලේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වෙනස්කම් තුනක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඕෂද ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක කණ්ඩායමට කැදවා ඇති අතර, ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ රමේෂ් මෙන්ඩිස්. අසිත ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට නම් කර තිබෙනවා.

මෙය දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන තම 100 වැනි හා අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව මෙම තරගයට එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව Cooper Connolly කණ්ඩායමට කැදවා ඇත්තේ ටොඩ් මර්ෆි වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI : Dimuth Karunaratne, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhanajaya de Silva (c), Kusal Mendis (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Nishan Peiris, Lahiru Kumara

Australia XI : Usman Khawaja, Travis Head, Marnus Labuschagne, Steve Smith (c), Josh Inglis, Alex Carey (wk), Beau Webster, Cooper Connolly, Mitchell Starc, Nathan Lyon, Matthew Kuhnemann

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...