ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන ස්ටොයිනිස් හදිසි තීරණයක් නිවේදනය කරයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙලෙස එක්දින පිටියට සමු දීමටයි පියවර ගෙන ඇත්තේ.

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ඔස්ට්‍රේලියානු සංචිතයට ද ස්ටොයිනිස් නම් කර ඇති නමුත්, ඔහු වෙනුවට ඉදිරියේදී වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට නියමිතයි.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා වන අවසන් සංචිත පෙබරවාරි 12 වැනිදා වන විට නිවේදනය කළ යුතු වනවා.

35 හැවිරිදි ස්ටොයිනිස් මේ දිනවල SA20 තරගාවලියට Durban’s Super Giants කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින අතර, එහිදී ඔහු පාදයක ආබාධයකට ද ලක්ව තිබෙනවා.

2023 එක්දින ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු සංචිතයේ ද රැදී සිටි ස්ටොයිනිස් එක්දින තරග 71කදී ලකුණු 1495 ක් රැස් කර ඇති අතර, දවා ගෙන ඇති කඩුලු ගණන 48 ක්.

එක්දින පිටියට සමු දුන්න ද, ස්ටොයිනිස් තවදුරටත් පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ රැදී සිටිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...