2025 කොදෙව් ජාත්‍යන්තර තරග කාලසටහන එළිදකියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි කණ්ඩායමේ 2025 තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් පිරිමි කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව මැයි 21 සිට 25 දක්වා Malahide දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, මැයි 29 සිට ජූනි 3 වැනිදා දක්වා ඔවුන් එංගලන්තයේදී ද එක්දින තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්තයට එරෙහිව විස්සයි 20 තරග 3ක් (ජූනි 6-10) ද, අයර්ලන්තයට එරෙහි විස්සයි 20 තරග 3ක් ද (ජූනි 12-15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම කොදෙව් දූපත් වෙත පැමිණෙන අතර, එහිදී දෙරට අතර ජූනි 25 වැනිදා සිට ටෙස්ට් තරග 3කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය ආරම්භ වන්නේ ජූලි 20 වැනිදායි

අනතුරුව කොදෙව්වන් හා පාකිස්තානය අතර Florida හීදී විස්සයි 20 තරග 3ක් ද, Trinidad හීදී එක්දින තරග 3 ක් ද පැවැත්වීමට නියමිතයි. ඒ, ජූලි 31 වැනිදා සිට අගෝස්තු 12 වැනිදා දක්වායි.

අනතුරුව සැප්තැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා වන කාලයේදී කොදෙව් කණ්ඩායම ඉන්දීය (ටෙස්ට් තරග 2), බංග්ලාදේශ (එක්දින 3ක් හා විස්සයි 20 තුනක්) හා නවසීලන්ත ( විස්සයි 20 තරග 5ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 3ක්) සංචාරවල නිරත වන බව කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...