කොදෙව්වන් ජයග්‍රහනයට කඩුලු හයක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මුල්තාන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(26) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු කොදෙව්වන්ට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 254 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 76 ක් පමණයි.

ඒ අනුව පාකිස්තානය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 178 ක් ලබා ගත යුතු අතර, කොදෙව්වන් ඒ සදහා කඩුලු හයක් දවා ගත යුතුයි.

ශාන් මසූඩ් හා මුහම්මද් හුරයිරා ලකුණු 2 බැගින් ලබා සිටියදී දැවී ගියා. බාබර් අසාම් ලකුණු 31 යි. කම්රන් ගුලාම් ලකුණු 19 ක් රැස් කළා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සවුද් ශකීල් ලකුණු 13 ක් හා කශිෆ් අලී එක් ලකුණක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී කෙවින් සින්ක්ලයාර් කඩුලු 2 ක් බිද හෙලුවා.

ඊයේ දිනයේදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 163 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළේ ලකුණු 154 ක් පමණයි.

අද දිනයේදී දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබා ගත්තා. ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 52 ක් රැස් කළ අතර, Tevin Imlach ලකුණු 35 ක් හා අමීර් ජන්ගෝ ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සජීඩ් ඛාන් හා නෝමන් අලී කඩුලු 4 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...