ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට – රටවල් 3ක් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරු කර ගනියි

Date:

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අද(26) සමත් වුණා.

ඒ, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ක්වාලා ලම්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 64 ක් ලබා ගත් අතර, ඉන්දීය කණ්ඩායම පන්දුවාර 7.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව සුපිරි හය වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලපොරොත්තු ද මේ වන විට සුන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීම ඊට හේතු වුණා.

දෙවැනි කාණ්ඩයෙන් මේ වන විට දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...