Watch : සියල්ලන් මවිතයට පත් කළ Ferreira ගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීම

Date:

SA20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Joburg Super Kings කණ්ඩායමේ Donovan Ferreira සමත් වුණා.

Sunrisers Eastern Cape කණ්ඩායම සමග ජොහැනස්බර්ග්හි පැවැති මෙම තරගයෙන් Super Kings කණ්ඩායම කඩුලු 9ක ජයක් ද වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Eastern Cape කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 118 ක් පමණයි.

David Bedingham ලකුණු 48 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Hardus Viljoen කඩුලු 4 ක් හා Lutho Sipamla කඩුලු 3 ක් දවා ගත්තා. මතීෂ පතිරණ පන්දුවාර 3 ක් යොමු කර ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන එකක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Super Kings කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Devon Conway නොදැවී ලකුණු 76 ක් රැස් කළේ පන්දු 56 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 11 ක් ද සමගින්.

Sunrisers Eastern Cape ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස Beyers Swanepoel ගේ කඩුල්ල දවා ගැනීම සදහායි Donovan Ferreira විසින් හයේ සීමාව ආසන්නයේදී තනි අතින් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...