අපරාජිත බව රැක ගනිමින් ඔස්ට්‍රේලියාව 12-0 ක් ලෙස අළුබදුනේ පෙරමුණ හිමි කර ගනියි

Date:

කාන්තා අළුබදුන කුසලාන ක්‍රිකට් තරග මාලාව යටතේ පැවැති විස්සයි 20 තරගාවලිය ද තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ(25) සමත් වුණා.

ඒ, එංගලන්තයට එරෙහි තෙවැනි විස්සයි 20 තරගයෙන් ද ලකුණු 72 ක අනර්ඝ ජයක් වාර්තා කරමින්.

ඒ අනුව එක්දින තරගාවලිය ද තරග 3-0 ක් ලෙස ජය ගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් මේ වන විට ප්‍රසාද ලකුණු 12-0 ක් ලෙස තරග මාලාවේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අළුබදුන තරග මාලාව යටතේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ ටෙස්ට් තරගය පමණයි.

ඇඩිලේඩ්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා. Beth Mooney පන්දු 63 කින් නොදැවී ලකුණු 94 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කාන්තා පිලට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

Heather Knight ලකුණු 40 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී Georgia Wareham ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා මෙල්බර්න්හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...