Watch : ආන්දෝලනාත්මක දුවද්දී දැවී යාමෙන් පසු ටොම් කරන් යළි පන්දුවට පහර දෙන්න කැදවූ හැටි

Date:

ILT20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 19 වැනි තරගයේදී ටොම් කරන් මුහුණ දුන් දුවද්දී දැවී යාමක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

MI Emirates කණ්ඩායම හා Gulf Giants කණ්ඩායම අතර මෙම තරගය අබුඩාබිහීදී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් Emirates කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Giants කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් කඩුලු දෙකක තියුණු ජයක් හිමි කර ගත්තා.

Giants ඉනිමේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට Mark Adair එල්ල කළ පහරකින් පසුව ඔහු හා ටොම් කරන් එක් ලකුණක් කරා පහසුවෙන් පැති මාරු කළ අතර, පසුව පන්දුව ජීවී තත්ත්වයේ තිබියදීම ටොම් කරන් යළි සිය සීමා ඉරෙන් ඉවත්ව යන ආකාරයක් දැක ගත හැකි වුණා.

එම අවස්ථාව වන විට පන්දුවාරය අවසන් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබූ බැවින් පන්දුව අජීවී තත්ත්වයට පත් වීමටත් පෙරම ටොම් කරන් ඒ ආකාරයෙන් සීමා ඉරෙන් ඉවත් වීම හේතුවෙන් කඩුලු රකින ක්‍රීඩක හා නායක නිකලස් පූරාන් විසින් කඩුල්ල බිද දමනු ලැබුවේ පිතිකරුව දුවද්දී දවා ගැනීමේ අරමුණින්.

අනතුරුව ඔහු විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියේ පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් විනිසුරුවන් හා පූරාන් අතර සාකච්ඡාවක් සිදු වූ අතර, සැලකිය යුතු කාලයක් ගත වීමෙන් පසුව විනිසුරුවන් එය තෙවන විනිසුරු වෙත යොමු කරනු ලැබුවා.

එහිදී පිතිකරු පැහැදිලි ලෙසම සීමාවෙන් ඉවත්ව ගොස් ඇති බැවින් තෙවන විනිසුරු ද තීරණය කළේ ටොම් කරන් දැවී ගිය අයෙකු බවයි.

කෙසේ වෙතත්, කරන් ක්‍රීඩක විවේකාගාරය දෙසට ගමන් කරමින් සිටින අතරවාරයේදී ඔහුව යළි පන්දුවට පහර දීම සදහා කැදවීමට පියවර ගැණුනා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...