අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා බලාපොරොත්තුවලට පහරක් වදිමින් ස්කොට්ලන්ත තරගයට නොසිතූ ප්‍රතිපලයක්

Date:

2025 අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුවලට දැඩි පහරක් එල්ල කරමින් අද(26) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා-ස්කොට්ලන්ත තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හීදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට හෝ අවස්ථාවක් නොලැබුණු අතර, ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමටයි කටයුතු කෙරුණේ.

මේ වන විට ප්‍රසාද ලකුණු තුනකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ සුපිරි හය වටයේ පළමු කාණ්ඩයේ හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. ප්‍රසාද ලකුණක් සමග ස්කොට්ලන්තය 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

එහි පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය පිළිවෙලින් ඔස්ට්‍රේලියාව (ප්‍රසාද ලකුණු 6) හා ඉන්දියාව (ප්‍රසාද ලකුණු 4) හිමි කර ගෙන සිටින අතර, ඒ අනුව එම කණ්ඩයම් දෙක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

අද දිනයේදී ඉන්දියාව හා බංග්ලාදේශය අතර ද තරගයක් පැවැත්වීමට නියමිතයි. එම තරගය ඉන්දියාව ජය ගතහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන අතර, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරු කර ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...