නෝමන් අලීගෙන් කඩුලු ත්‍රිත්වයක් – පළමු දිනයේදී කඩුලු 20 ක් බිද වැටෙයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ආරම්භ වුණේ පළමු දිනයේදීම කඩුලු 20ක් බිද වැටෙමින්.

මුල්තාන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 154 කට සීමා වූ අතර, ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිමේදී ලකුණු 9 ක් ඉදිරියෙන් පසුවෙමින් හෙට දිනයේදී සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

කොදෙව් පළමු ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 38 දීත්, 8 වැනි කඩුල්ල ලකුණු 54 දීත් බිද වැටුණා. ගුඩකේෂ් මෝති ලකුණු 55 ක් හා ජොමෙල් වොරිකන් නොදැවී ලකුණු 36 ක් හා කෙමා රෝච් ලකුණු 25 ක් ලබා ගනිමින් කොදෙව් පසුපෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී නෝමන් අලී ලකුණු 41 කට කඩුලු 6 ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද සමගින්. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු දග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ මොහමඩ් රිස්වාන්. ඔහු ලකුණු 49 ක් රැස් කළ අතර, සවුද් ශකීල් ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් හා ගුඩකේෂ් මෝති කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...