තිලක් වර්මාගේ හුදෙකලා සටන හමුවේ ඉන්දියාවට තියුණු ජයක්

Date:

තිලක් වර්මාගේ සටන්කාමී නොදැවුණු ලකුණු 72 හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදීයි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 78 දී බිද වැටුණු නමුත්, හුදෙකලා සටනක නිරත වෙමින් තිලක් වර්මා පන්දු 55 කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග්‍රහනය කරා රැගෙන ගියේ හයේ පහර 5 කින් හා හතරේ පහර 4 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

වොෂින්ටන් සුන්දර් ලකුණු 26 කටත්, සූර්යකුමාර් යාදව් හා අභිෂේක් ෂර්මා ලකුණු 12 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බ්‍රයිඩන් කර්ස් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 165 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.්‍

නායක ජොස් බට්ලර් ලකුණු 45(30) ක් හා බ්‍රයිඩන් කර්ස් ලකුණු 31(17) ක් රැස් කළා. පන්දු යැවීමේදී අක්සාර් පටෙල් හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම ජයත් සමග තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

මේ අතර, ශිවම් ඩූබේ හා රමන්දීප් සිං ඉන්දීය විස්සයි 20 සංචිතයට නම් කර තිබෙනවා. ඒ, ආබාධවලට ලක් වූ නිටිෂ් කුමාර් හා රින්කු සිං වෙනුවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...