බංග්ලාදේශයට කාන්තා ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වෙයි – සුදුසුකම් ලැබූ රටවල් 6 මෙන්න

Date:

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව බංග්ලාදේශයට අහිමි වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු අටක පරාජයක් ලැබීමත් සමගයි.

කාන්තා ශූරතාවලියේ (Women’s Championship) ප්‍රසාද ලකුණු සටහනට අනුව බංග්ලාදේශය හා නවසීලන්තය සම ප්‍රසාද ලකුණු (ලකුණු 21 බැගින්) ලබා සිටි නමුත්, බංග්ලාදේශයට (ජයග්‍රහන 8) වඩා නවසීලන්තය (ජයග්‍රහන 9) වැඩි ජයග්‍රහන ලබා සිටීම හේතුවෙන් නවසීලන්තය ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගත් සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාවයි.

බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය හා තායිලන්තය යන රටවල් ඉදිරියේදී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරගාවලිය හරහා තවත් රටවල් දෙකක් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...