රිකල්ටන්ගේ ද්විත්ව ශතකය හා බවුමා, වෙරේන් රැස් කළ ශතක හමුවේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට

Date:

රයන් රිකල්ටන් වාර්තා කළ ද්විත්ව ශතකය මෙන්ම නායක ටෙම්බා බවුමා හා ක්යල් වෙරේන් වාර්තා කළ ශතක හමුවේ කේප් ටවුන්හි පැවැත්වෙන දකුණු අප්‍රිකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(4) නිමා වුණේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 615 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානය දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 64 ක්. ඒ අනුව පාකිස්තානය මේ වන විට ලකුණු 551 ක් පිටුපසින් පසුවනවා.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් රිකල්ටන් පන්දු 343 කින් ලකුණු 259 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 29 ක් සමගින්. බවුමා ලකණු 106 කටත්, වෙරේන් ලකුණු 100 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී මොහමඩ් අබ්බාස් හා සල්මන් ආගා කඩුලු 3 බැගින් දවා ගත් අතර, මීර් හම්සා හා කුරාම් ශහ්සාඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් මේ වන විට බාබර් අසාම් නොදැවී ලකුණු 31 ක් ලබා සිටිනවා.

තරගයේ පළමු දිනයේදී පන්දු රකිමින් සිටියදී වළලුකර ආබාධයකට ලක් වීම හේතුවෙන් ආරම්භක පිතිකරු සයීම් අයුබ්ට මෙම තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහු වෙනුවට ආරම්භක පිතිකරු ලෙස මෙම ඉනිමේදී ශාන් මසූඩ් සමගින් බාබර් අසාම් පිටියට පිවිසියා.

සයීම් අයුබ්ගේ ආබාධය සුව වීම සදහා කොපමණ කාලයක් ගතවේදැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...