Watch : BBL පිටියේදී වාර්තා වූ මීටර් 121 ක් දිග දැවැන්ත හයේ පහර

Date:

මෙල්බර්න් ස්ටාර්ස් පිතිකරු Hilton Cartwright මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේදී එල්ල කළ දැවැන්ත හයේ පහරක් හේතුවෙන් අද(4) ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීයි ඔහු මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රෙනෙගේඩ්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත් අතර, ස්ටාර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවට Tom Rogers ට එරෙහිව Hilton Cartwright මෙම හයේ පහර එල්ල අතර, එහි දුර සටහන්ව තිබුණේ මීටර් 121 ක් ලෙසයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...