අවසන් පන්දුවේ නාටකය සමගින් දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කරමින් පළමු දිනය නිම වෙයි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) සිඩ්නිහීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පළමු දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 ක්. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 176 ක්.

මෙම තරගය සදහා ඉන්දියාව වෙනස්කම් දෙකක් සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය තරග රැසකදී ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටින නිත්‍ය නායක රෝහිත් ෂර්මා මෙම තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබූ අතර, ඔහු වෙනුවට ෂුබ්මන් ගිල් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන තිබුණේ. ආබාධයකට ලක් වූ ආකාශ් දීප් වෙනුවට ප්‍රසිද් ක්‍රිෂ්නා ද මෙම තරගයට නම් කර තිබෙනවා. නායකයා ලෙස කටයුතු කරන්නේ ජස්ප්‍රිට් බුම්රා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්. ඔහු ලකුණු 40 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් සමගින්.

ආරම්භක පිතිකරුවන් වූ යශස්වි ජයිස්වාල් ලකුණු 10 කටත්, කේ එල් රාහුල් ලකුණු 4 කටත් දැවී ගියා. ෂුබ්මන් ගිල් ලකුණු 20 කට දැවී ගිය අතර, විරාත් කෝලි ලබා ගත්තේ ලකුණු 17 ක් පමණයි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26 යි. නිටිෂ් කුමාර් රෙඩී පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, වොෂින්ටන් සුන්දර් ලකුණු 14 ක් ලබා ගත්තා. නායක ජස්ප්‍රිට් බුම්රා ලකුණු 22 යි.

පන්දු යැවීමේදී ස්කොට් බෝලන්ඩ් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්. මිචෙල් ස්ටක් ලකුණු 49 කට කඩුලු 3 ක් බිද හෙලුවා. පැට් කමින්ස් කඩුලු දෙකක් දවා ගනිද්දී නේදන් ලයන් ඉදිරියේ එක් කඩුල්ලක් බිද වැටුණා. කෙසේ වෙතත්, මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ තුන් ඉරියව් ක්‍රීඩක Beau Webster කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

පිළිතුරු ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා දිනයේ අවසන් පන්දුවේදී ලකුණු දෙකකට දැවී ගියේ බුම්රාගේ පන්දුවක් හමුවේ ස්ලිප් ක්‍රීඩක කේ එල් රාහුල් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

අවසන් පන්දුවට පෙර බුම්රා හා පන්දු යවන අන්තයේ රැදී සිටි පිතිකරු වූ සෑම් කොන්ස්ටස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ පසුබිමකයි එම පන්දුවේදී බුම්රා විසින් අදාළ කඩුල්ල දවා ගත්තේ. අනතුරුව ඔහු හා ඉන්දීය ක්‍රීඩකයින් කොන්ස්ටස් දෙසට හැරෙමින් එම කඩුල්ල සැමරූ ආකාරය ද බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගත්තා. දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...