විස්සයි 20 නායකත්වයෙන් ශන්තෝ ඉවත් වීමත් සමග නව නායකත්වය කාටද?

Date:

නජ්මුල් හොසේන් ශන්තෝ බංග්ලාදේශ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Faruque Ahmed එරට පුවත්පතක් වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ශන්තෝ විසින් අදාළ තීරණය ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් එක්දින හා ටෙස්ට් තරගවලදී ජාතික කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

නායකත්වයෙන් ඉවත් වීමේ තීරණය ක්‍රිකට් ආයතනය විසින් පිළිගත් බවත්, විස්සයි 20 නව නායකයා සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් නොගන්නා බවත් සභාපතිවරයා සදහන් කළා.

පසුගිය වසරේ දී ඔහුට තරග රටා ත්‍රිත්වයේම නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍ය වූ නමුත්, පසුව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මැදිහත් වීමත් සමග ඔහු එම තීරණය යළි වෙනස් කළා.

අනතුරුව ශන්තෝ ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට නිමා වූ කොදෙව් සංචාරය අහිමි වුණා.

එම සංචාරයේදී ටෙස්ට් හා එක්දින තරගවලදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ මෙහිදි හසාන් මිරාස්ටයි. ලිටොන් දාස් විසින් විස්සයි 20 කණ්ඩායම මෙහෙයවනු ලැබුවා. දාස්ගේ නායකත්වයෙන් බංග්ලාදේශය විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත්තා.

ඒ අනුව බොහෝ විට ලිටොන් දාස් ඉදිරියේදී එරට විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...