Watch : කෝලි 6 වැනි වරටත් කඩුල්ලෙන් පිටුපසට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මෙල්බර්න්හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි(30).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 228 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 234 ක්.

ඒ අනුව ලකුණු 340 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමට එතරම් සාර්ථක ආරම්භයක් ලබා දීමට මුල් පෙල පිතිකරුවන්ට හැකියාව ලැබුණේ නැහැ.

යළි අසාර්ථක වූ රෝහිත් ෂර්මා ලකුණු 9කටත්, කේ එල් රාහුල් ලකුණු නොලබාත්, විරාත් කෝලි ලකුණු 5 කටත් දැවී ගියා.

කෝලි යළිත් දැවී ගියේ මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේ cover drive පහරක් එල්ල කිරීමට ගොස් ස්ලිප් කලාපයට උඩ පන්දුවක් ලබා දෙමින්.

මෙම තරගාවලිය පුරා ඔහු දැවී ගියේ මේ ආකාරයෙන් කඩුල්ලෙන් පිටුපස රැදී සිටින පන්දු රකින්නන් අතට උඩ පන්දු ලබා දීමෙන් වීම විශේෂත්වයක්.

තරගාවලිය පුරා ඔහු දැවී ගිය ආකාරය හා අද දිනයේදී කෝලි දැවී ගිය අයුරු ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...