Watch : තෙවන විනිසුරුගේ තීන්දුවත් පැට් කමින්ස් Review කරන්න හදපු හැටි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න්හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද(29) දිනයේදී තෙවන විනිසුරු ලබා දුන් තීන්දුවක් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ නැවත අභියෝගයට ලක් කිරීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් උත්සාහ දැරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේදී මොහමඩ් සිරාජ් දෙවන ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් අතට ලබා දුන් උඩ පන්දුවක් සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙනුයි කමින්ස් එම උත්සාහය දරනු ලැබුවේ.

එය උඩ පන්දුවක් ලෙස පිත්තේ වැදී පන්දු රකින්නා වෙත ඇදී ගියේද? නැතහොත් පන්දුව පිත්තේ වැදී එක් වරක් තණතීරුවේ වැදීමෙන් අනතුරුව පන්දු රකින්නා වෙත ඇදී ගියේද ? යන්න සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වුණා.

පිටියේ විනිසුරුවන් විසින් ඊට අදාළ තීන්දුව ලබා දීම තෙවන විනිසුරුට භාර දුන් අතර, ඔහු තීරණය කළේ එය නොදැවුණු අවස්ථාවක් ලෙසටයි.

කෙසේ වෙතත්, එම තීරණයෙන් සෑහීමකට පත් නොවුණු ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් තමන්ට එම තීන්දුව යළි විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කිරීමට අවශ්‍ය බව සදහන් කළා.

කෙසේ වෙතත්, එය නැවත තෙවන විනිසුරුට යොමු කිරීමක් සිදු නොවූ අතර, අදාළ අවස්ථාව නොදැවුණු අවස්ථාවක් ලෙසයි තීරණය කෙරුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...