පාකිස්තානය පරදා කඩුලු දෙකක තියුණු ජයකින් දකුණු අප්‍රිකාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින් 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(29) සමත් වුණා.

සෙන්චූරියන්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 148 ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේදී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ටෙම්බා බවුමා ලකුණු 40 කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 37 කටත් දැවී ගියා. ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 99 දී බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු පාකිස්තානය වෙත හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, 9 වැනි කඩුල්ලට ලකුණු 51 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් මාර්කෝ යැන්සන් හා කාසිගෝ රබාඩා දකුණු අප්‍රිකාවට තරගයේ ජය හිමි කර දුන්නා. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස ඔවුන් පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ද තවදුරටත් රැක ගැනීමට සමත්ව ඇත්තේ ලබන වසරේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් තරගයේ ස්ථානයක් ද හිමි කර ගනිමින්.

යැන්සන් ලකුණු 16 ක් හා රබාඩා ලකුණු 31 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායමට මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර දුන්නා. පන්දු යැවීමේදී මොහමඩ් අබ්බාස් කඩුලු හයක් බිද හෙලමින් පාකිස්තානයට මෙම තරගයේ ජය හිමි කර දීමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා. කම්රාන් ගුලාම් ලකුණු 54 ක් රැස් කළ අතර, ඩේන් පැටර්සන් කඩුලු 5 ක් බිද හෙලුවා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ Corbin Bosch බිද හෙලූ කඩුලු ගණන 4ක්.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 301 ක් රැස් කළේ ඒඩ්න් මාක්‍රම් රැස් කළ ලකුණු 89 න් හා Corbin Bosch නොදැවී රැස් කළ ලකුණු 81 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේදී කුරාම් ශෙහ්සාඩ් හා නසීම් ශාහ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පාකිස්තානය සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 237 ක්. සවුද් ශකීල් ලකුණු 84 ක් ලබා ගත් අතර, මාර්කෝ යැන්සන් බිද හෙලූ කඩුලු ගණන හයක්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...