ඉන්දියාව පරදා ලකුණු 184 ක ජයක් සමග ඔස්ට්‍රේලියාව තරගාවලියේ පෙරමුණට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 184 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව අද(30) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී ජයග්‍රහනය සදහා ලකුණු 340 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී දෙවැනි ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි. ඒ, තරගය අවසන් වීමට තවත් පන්දුවාර 12.5 ක් පමණක් ඉතිරිව තිබූ පසුබිමකයි.

යශස්වි ජයිස්වාල් ලකුණු 84 ක් හා රිෂාබ් පන්ට් ලකුණු 30 ක් ලබා ගත් නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වුයේ නැහැ.

පන්දු යැවීමේදී පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. නේදන් ලයන් කඩුලු 2 ක් දවා ගත්තා.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 228 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 234 ක්.

මර්නස් ලබුෂේන් ලකුණු 70 ක් රැස් කළා. පැට් කමින්ස් හා නේදන් ලයන් ලකුණු 41 බැගින් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 57 ක් ලබා දෙමින්.

මෙල්බර්න්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්‍ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 474 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 369 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...