Watch : ලොවක් කතා කළ හෙඩ්ගේ අමුතු කඩුලු සැමරුමේ රහස ශ්‍රී ලංකාවේදී වෙච්ච දෙයක්

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී ට්‍රැවිස් හෙඩ් ප්‍රදර්ශනය කළ අපූර්ව කඩුලු සැමරුමක් ලොව පුරා ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේදී සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් සිටි රිෂාබ් පාන්ට් දවා ගැනීමට ට්‍රැවිස් හෙඩ් සමත් වූ අතර, ඉන් අනතුරුවයි ඔහු විසින් මෙම කඩුලු සැමරුම ප්‍රදර්ශනය කළේ.

එම කඩුල්ලත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද හෝ ජය පරාජයෙන් තොරව තරගය අවසන් කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තබා තිබූ බලාපොරොත්තු ද සුන් වුණා.

අවසානයේදී ඉන්දියාවට මෙම තරගයෙන් ලකුණු 184 ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමටයි සිදු වුණේ.

හෙඩ්ගේ සැමරුම

ට්‍රැවිස් හෙඩ්ගේ කඩුලු සැමරුම කුමක්දැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වූ අතර, සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වූ ආකාරය දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, Channel Seven විස්තර විචාරක James Brayshaw විසින් මෙම කඩුලු සැමරුමේ අදහස පසුව සජීවී විකාශය අතරතුර පැහැදිලි කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ එක් තරගයකදී හෙඩ් පන්දු 17 ක් තුළ ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ අතර, ඉන් අනතුරුව ඔහු සමාජ මාධ්‍ය වෙත විශේෂ ඡායාරූපයක් නිකුත් කර තිබුණා.

එහි දක්නට ලැබුණේ කඩුලු දවා ගැනීමෙන් පසුව ඔහුට අයිස් පුරවන ලද වීදුරුවකට සිය ඇගිල්ලක් ඔබා ගෙන සිටීමට සිදු වූ ආකාරයක්.

එය යළිත් ප්‍රදර්ශනය කිරීමක් මෙහිදී සිදු වූ බව විස්තර විචාරක James Brayshaw පෙන්වා දෙනවා. තමා පන්ට්ගේ කඩුල්ල දවා ගැනීම නිසා යළිත් එලෙස තමාට අයිස් මත සිය ඇගිල්ලක් ඔබා ගෙන සිටීමට සිදු වනු ඇති බව මෙහිදී ට්‍රැවිස් හෙඩ් විසින් ඉගි කළ බවයි James Brayshaw සදහන් කළේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...