SLC විශේෂ මහා සභා රැස්වීමේදී වැදගත් තීන්දු තීරණ රැසකට අනුමැතිය

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් අද(20) දිනයේදී පවත්වා තිබෙනවා. මෙම විශේෂ මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සැලකිය යුතු සංශෝධන කිහිපයක් අනුමත කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙය ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ ව්‍යුහය තුළ යහපාලනය, විනිවිදභාවය, සහ කාර්යක්ෂමතාව පෝෂණය කිරීමට ඇති කැපවීම යළි තහවුරු කිරීමක් ලෙස ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

සිදු කෙරුණු සංශෝදනවල වැදගත් සංශෝදනයක් වන්නේ මුළු ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩු කිරීමක් සිදු කිරීමට ගෙන ඇති තීරණයයි. ඒ අනුව ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා අවම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නව ඡන්ද ක්‍රමය මගින් ඡන්ද අයිතිය තීරණය කරනු ලබන්නේ එක් එක් සාමාජික සමාජය විසින් ක්‍රීඩා කරන ක්‍රිකට් මට්ටම මත පමණක් වන අතර, සියලුම සුදුසුකම් ලත් සමාජ සහ සංගම්වලට එක් ඡන්දයක් පමණක් හිමි වනු ඇති.

තවද, මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා විගණන කමිටුව, ආයෝජන සහ අයවැය කමිටුව මෙන්ම ‘Related Party Transactions’ කමිටුව පිහිටුවීමට ද මෙම විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතික අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම වෙනස්කම්වලට අමතරව 2025 වසර සදහා නිලවරණ කමිටුව පත් කිරීම ද අද පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී සිදු කර තිබෙනවා. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්නගේ ප්‍රධානීත්වයෙන් යුත් කමිටුවට තවත් සාමාජිකයින් සිව් දෙනෙකු ද ඇතුළත්.

2025 වසරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කටයුතු මෙම නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...