ගෝල් මාර්වල්ස් හිමිකරුට ඇප

Date:

ඊයේ(19) නිමා වූ ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සදහා යෝජනාවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාව හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු ඉන්දීය ජාතික Prem Thakkur ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(20) නියම කළා.

සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.

එමෙන්ම සැකකරුට විදේශගත වීම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සෑම බදාදා දිනකම සැකකරුට ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිය යුතු බවට ද තවත් ඇප කොන්දේසියක් පනවා ඇති බව සදහන්.

පැමිණිල්ල යළි ජනවාරි 27 වැනදා කැඳවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...