ක්ලාසන්ගේ ප්‍රහාරය පසෙකලා අෆ්රිඩි, බාබර්, රිස්වාන් හා ගුලාම් පාකිස්තානයට ජය ගෙනෙයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 81 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

කේප් ටවුන්හීදී පැවැති මෙම තරගයෙන් ලැබූ ජයත් සමග පාකිස්තානය මේ වන විට අඛන්ඩව එක්දින තරගාවලි තුනක් ජය ගනිමින් සිය රටේදී පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මනා සූදානමකින් පසුවන බවක් දක්නට ලැබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 329 ක් රැස් කළේ බාබර් අසාම්, මොහමඩ් රිස්වාන් හා කම්රන් ගුලාම් රැස් කළ අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමින්.

බාබර් ලකුණු 73(95) ක් ද, නායක රිස්වාන් ලකුණු 80(82) ක් ද රැස් කළ අතර, ගුලාම් ලකුණු 63 ක් ලබා ගත්තේ පන්දු 32 ක් පමණක් වැය කරමින්. හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී මෙම තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ 18 හැවිරිදි Kwena Maphaka ලකුණු 72 කට කඩුලු 4 ක් දවා ගත්තා. මාර්කෝ යැන්සන් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 71 ක් ලබා දෙමින්.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූයේ හෙන්රික් ක්ලාසන් පමණයි. ඔහු පන්දු 74 කින් ලකුණු 97 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8ක් සමගින්.

ශශීන් ශාහ් අෆ්රිඩි ලකුණු 47 කට කඩුලු 4 ක් ද, නසීම් ශාහ් ලකුණු 37 කට කඩුලු 3 ක් ද දවා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම සුණු විසුණු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...