කොදෙව් ක්‍රිකට් පිලේ සම්පූර්ණ වගකීම සැමීට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු තරග රටාවන්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ඩැරන් සැමී පත් කර තිබෙනවා.

පසුගිය වසරේ සිට මෙතෙක් එරට එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ටෙස්ට් කණ්ඩායමේ ද පුහුණුකරු ධූරය භාර ගැනීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Andre Coley වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

සැමීගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව්වන් 2023 වසරේ මැයි මාසයේ සිට එක්දින තරග 28 කින් තරග 15 ක් ද, විස්සයි 20 තරග 35 කින් තරග 20 ක් ද ජය ගත්තා.

ද්විපාර්ශ්වික එක්දින තරගාවලි 7ක් අතරින් කොදෙව්වන් ජය ගත් තරගාවලි ගණන 4ක්. විස්සයි 20 තරගාවලි අතරින් ඔවුන් ඉන්දියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව(දෙවරක්) පරදා විස්සයි 20 තරගාවලි 4ක් ජයක් ගත් අතර, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව හා එංගන්තය හමුවේ තරගාවලි පරාජයට පත් වුණා.

මේ අතර, 2023 මැයි මාසයේ සිට Coley ගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව් ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරග 7 ක් පරාජයට පත් වුණා. ජය ගත්තේ තරග දෙකක් පමණක් වන අතර, තරග දෙකක් ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොදෙව්වන්ට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ අතර, කොදෙව් ක්‍රිකට් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස Chris Dehring පත් කර තිබෙනවා. ඔක්තෝබර් මාසයේ දී ධූරයෙන් ඉවත් වූ Johnny Grave වෙනුවටයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...