සවුතිට ගෞරවනීය සමු ගැනීමක් ලබා දෙමින් නවසීලන්තයට ලකුණු 423 ක වාර්තාගත ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට උසස් හා ගෞරවනීය සමු ගැනීමක් ලබා දීමට නවසීලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

හැමිල්ටන්හි පැවැති තරගයෙන් නවසීලන්තය ලැබූ ජයග්‍රහනය ඉතිහාසගත වුණේ ඔවුන් ටෙස්ට් ඉතිහාසයේදී ලකුණු පරතරය අතින් වාර්තා කළ සම ඉහළම ජයග්‍රහනය ලෙසයි. එමෙන්ම එය ටෙස්ට් ඉතිහාසයේදී ඕනෑම කණ්ඩායමක් ලකුණු පරතරය අතින් වාර්තා කළ සම 10 වැනි ඉහළම ජයග්‍රහනය ද වනවා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 658 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 234 ක්.

ජේකබ් බෙතෙල් ලකුණු 76 ක් හා ජෝ රූට් ලකුණු 54 ක් ලබා ගත් අතර, ගස් ඇට්කින්සන් ලකුණු 43 ක් රැස් කළා. බෙතෙල් හා රූට් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 104 (125) ක්.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 85 කට කඩුලු 4 ක් දවා ගත්තා. අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මැට් හෙන්රි ද කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 347 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 143 ක් පමණයි. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 453 ක්.

මෙම තරගයෙන් නවසීලන්තය ජය ගත්ත ද ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි.

අද දින ටෙස්ට් පිටියට සමු දුන් 36 හැවිරිදි සවුති ටෙස්ට් තරග 107 කදී දවා ගත් කඩුලු ගණන 391 ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන ඇති පන්දු යවන්නන් අතර ඔහුට හිමි වන්නේ දෙවැනි ස්ථානයයි.

2008 වසරේ දී ටෙස්ට් පිටියට පිවිසි ටිම් සවුති ටෙස්ට් ලකුණු 2,245 කට ද හිමිකම් කියනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...