Watch : පහසු උඩ පන්දුවක් අත්හැරීමෙන් පසු රාහුල් දවා ගන්න ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි BGT ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(17).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටි අතර, ඉනිමේ 6 වැනි කඩුල්ල දවා ගැනීම සදහා ස්ටීවන් ස්මිත් විසින් සුපිරි උඩ පන්දුවක් ලබා ගත්තා.

නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ රාහුල් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84 ක්. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු ලකුණු 33 ක් ලබා සිටියදී අද දිනයේ යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, ස්මිත් අතින් එම පහසු උඩ පන්දුව ගිලිහි ගියා.

එවන් පසුබිමකයි ස්මිත් විසින් පළමු ස්ලිප් කලාපයේ රැදී සිටිමින් තනි අතින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් රාහුල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

ගිලිහී ගිය උඩ පන්දුව හා රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...