නවසීලන්තයේ ජයෙන් පසු ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහළට

Date:

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට නවසිලන්තය සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග අද නිමා වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලබා ගත් ලකුණු 423ක විශිෂ්ට ජයග්‍රහණයත් සමඟයි.

ඒ අනුව මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

එංගලන්තය හයවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

මේ වන විට එංගලන්තය සහ නවසීලන්තය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ සියලු තරගාවලි ක්‍රීඩා කර අවසන්.

එම කණ්ඩායම් දෙකටම ලබන වසරේ පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තවදුරටත් සටනක නිරත වී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...