හෙන්රික්ස්ගේ අර්ධ ශතකය හමුවේ සිඩ්නි පිලට ජය

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

සිඩ්නිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් පිල කඩුලු 7ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තා.

Tim Seifert ලකුණු 55(42) ක් රැස් කළ අතර, නායක Will Sutherland නොදැවී ලකුණු 36(28) යි.

පන්දු යැවීමේදී Ben Dwarshuis හා Sean Abbott කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

නායක Moises Henriques පන්දු 27 කින් ලකුණු 53 ක් ලබා ගත් අතර, James Vince ලකුණු 40(29) ක් හා Jack Edwards ලකුණු 37(28) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Will Sutherland ලකුණු 20 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...