යොවුන් කාන්තා ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව දෙවැනි තරගය පරදියි

Date:

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය අද(16) සමත් වුණා.

පන්දුවාර 17 කට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 122 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට පිළිතුරු ලෙස ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 94 ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් Sadia Akter ලකුණු 31(25) ක් හා Afia Ashima ලකුණු 25(23) ක් රැස් කළා.

පන්දු යැවීමේදී රශ්මිකා සෙව්වන්දි ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ප්‍රමුදි මෙත්සරා හා අසේනි තලගුනේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ලකුණු 21(13) ක් රැස් කළ සංජනා කාවින්දි. රෂ්මිකා සෙව්වන්දි ලකුණු 20 කට දැවී ගියා.

පන්දු යැවීමේදී Sumaiya Akter ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Nishita Akter Nishi හා Farjana Easmin කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හීදී තරගාවලිය පැවැත්වෙනවා. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් මැලේසියාව පරදා ලකුණු 94 ක දැවැන්ත ජයක් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...