“දැන් ලබන වසරට සූදානම් වෙමු” – දෝනි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එතරම් සුබදායී හෝ සතුටුදායක තරගාවලියක් වූයේ නැහැ.

මේ වන විට කණ්ඩායම නරකම තත්ත්වයට ඇද වැටී ඇත්තේ ඊයේ(23) දිනයේ දී ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ කඩුලු 10කින් පරාජයට පත්වීමත් සමගයි.

එය චෙන්නායි කණ්ඩායමක් අයි.පී.එල් තරගයකදී කඩුලු 10ක පරාජයක් ලැබූ පළමු අවස්ථාවයි.

මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී තරග 11කට ක්‍රීඩා කර ජය ගෙන ඇත්තේ තරග 3ක් පමණයි.

කෙසේ වෙතත්, චෙන්නායි කණ්ඩායම ඉදිරි තරග තුනම ජය ගතහොත් ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවදුරටත් ගණිතමය වශයෙන් අවස්ථාවක් පවතිනවා.

එවැනි ආශ්චර්යක් සිදු වීමටනම් අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් අනුව යැපීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිදු වනු ඇති.

නමුත් ඊයේ ලද පරාජයෙන් පසුව අදහස් දක්වමින් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සදහන් කළේ ඉදිරි තරග 3 ලබන වසරේ තරගාවලිය සදහා සූදානම් වීම වෙනුවෙන් යොදා ගන්නා බවයි.

“ලබන වසර පිළිබද පැහැදිලි චිත්‍රයක් ලබා ගන්න එක අපිට වැදගත්.” යනුවෙන් දෝනි සදහන් කළා.

“මේක වේදනාත්මක දෙයක්. දැනගත යුතු දේ තමයි මොනවද සිදුවන වැරැදි කියන එක. තරගාවලියේ කණ්ඩායම රැදී සිටින ස්ථානය සියලු ක්‍රීඩකයින්ට වේදනාත්මක දෙයක්. ඔවුන් තමන්ගේ උපරිම දේ කරන්න උත්සාහ කරනවා.”

නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් සහ ඉන්දීය පන්දු යවන්නන් දෙදෙනෙකු වන කේ.එම් අසීෆ් සහ සායි කිෂෝර්ට මෙතෙක් මෙවර තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඒ අනුව ඉදිරි තරග තුනේ දී ඔවුන්ට ක්‍රීඩා කිරීම සදහා වැඩි අවස්ථාවක් හිමි වනු ඇති.

“ඉදිරි තරග 3 කදිම අවස්ථාවක්. අපි එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මොකද මේ වගේ තත්ත්වයක ඉන්න අවශ්‍ය නැහැ. ලබා ගත හැකි හොදම දෙයනම් ලබන වසර සදහා සූදානම් වීමයි”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...