IPL තරගාවලියේ ක්‍රීඩා කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලද විදෙස් ක්‍රීඩකයන් 10 දෙනා

Date:

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ඊයේ(23) දිනයේදී නිමාවට පත්වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙතෙක් අත් නොවිඳපූ අනපේක්ෂිත දරුණු පරාජයක් අත්කර දෙමින්.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී ඇති අතර ඔවුන් හා සමානම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් පිළිවලින් දිල්ලී කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම දෙවන හා තෙවන ස්ථානයේ පසුවනවා.

මෙම කණ්ඩායම් ත්‍රිත්වය සදහා තරගාවලියේ අවසන් වටය (playoffs) සදහා සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් පවතිද්දී අවසන් වටය සදහා ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම බවට පත්වීමට සෙසු කණ්ඩායම් කිහිපය අතරේ ඉතාමත් උණුසුම් තරගකාරී බවක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

තරගාවලියේ අග භාගයට කෙමෙන් කෙමෙන් ලංවෙමින් ඇති මොහොතක දී තරගාවලිය පුරාවටම එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට තවමත් වාසනාවන්ත වී නොමැති විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටීම විශේෂත්වයක්.

මේ අතර පෙර තරගාවලිවල හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටිනවා.

2020 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ තවමත් ක්‍රීඩා කිරීමට වරම් නොලද විදෙස් ක්‍රීඩකයන් 10 දෙනෙකු මෙලෙස සදහන් කළ හැකියි.

10. කිමෝ පෝල් – DC
09. හර්ඩස් විල්ජෝයීන් – KXIP
08. ටිම් සෙයිෆර්ට් – KKR
07. ක්‍රිස් ලින් – MI
06. ෂෙර්ෆේන් රදර්ෆර්ඩ් – MI
05. ඔෂේන් තෝමස් – RR
04. ෆේබියන් ඇලන් – SRH
03. මිචෙල් සැන්ට්නර් – CSK
02. බිලී ස්ටැන්ලේක් – SRH
01. මිචෙල් මැක්ලෙනගන් – MI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...