සිම්බාබ්වේ ක්‍රීඩකයින්ටත් කොරෝනා

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පාකිස්තාන සංචාරය වෙනුවෙන් නම් කරන ලද 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටි දෙදෙනෙකුට (Regis Chakabva සහ Timycen Maruma) මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් පාකිස්තාන – සිම්බාබ්වේ තරගාවලියට බලපෑමක් එල්ල නොවනු ඇති.

සිම්බාබ්වේ ක්‍රීඩකයින් මේ වන විටත් පාකිස්තානයට ළගා වී ඇති අතර, ඔවුන් පැමිණීමට පෙර සහ පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැහැ.

මේ වන විට 20 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ සංචිතයේ ක්‍රීඩකයින් පාකිස්තානයේ දී නිරෝධායන කාලසීමාවක් ගත කරන අතර, එය අවසන් වීමට පෙර තවත් වෛද්‍ය පරීක්ෂණයකට ක්‍රීඩකයින්ව යොමු කරනු ඇති.

මෙම 20 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක සංචිතය සහ කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනා හරාරේහී දී වෙන වෙනම රැදී සිට ඇති බව සදහන්.

එබැවින් පාකිස්තාන සංචාරයට එක්ව සිටින ක්‍රීඩකයින්ට මේ ඔස්සේ කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.

කොරෝනා වෛරසය ආසාදනය වූ සෙසු සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා, වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනාගේ සමීපතම ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...