රෝහිත් මැදපෙලට – ඔස්ට්‍රේලියාවෙනුත් එක් වෙනසක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(6) ඇඩිලේඩ්හීදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඉන්දීය සංචිතය සමග එක්වූ බැවින් ඔහු හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ඔහු මැදපෙල පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දීමට නියමිත අතර, කේ එල් රාහුල් හා යශස්වි ජයිස්වාල් පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදී ද ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන බව නායක රෝහිත් ෂර්මා සදහන් කළා. රෝහිත්ගේ පැමිණීමත් සමග ද්‍රව් ජුරෙල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

ෂුබ්මන් ගිල් ද ආබාධ තත්ත්වයෙන් සුවය ලබා ඇති බැවින් ඔහු ද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ඔහු අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇති අතර, පළමු තරගයේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් දෙව්දත් පඩික්කල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

මේ අතර, හෙට තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට නිවේදනය කර ඇති අතර, ඒ අනුව ඔස්‍ට්‍රේලියාව වෙනුවෙන් ද හෙට තරගය සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ස්කොට් බෝලන්ඩ් කණ්ඩායමට කැදවා ඇත්තේ ආබාධයකට ලක් වූ ජොෂ් හේසල්වුඩ් වෙනුවටයි.

තරගය මෙරට වේලාවෙන් හෙට පෙරවරු 9:30 ට ආරම්භ වීමට නියමිතයි.

Australia XI: Usman Khawaja, Nathan McSweeney, Marnus Labuschagne, Steven Smith, Travis Head, Mitchell Marsh, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Scott Boland

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...