Watch : මාක්‍රම්ගේ කණු ගලවමින් ලහිරු කුමාර 100 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත් හැටි

Date:

තම 100 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අද(5) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දකුණු අප්‍රිකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් දවා ගනිමින් ලහිරු සිය 100 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලුවා.

ලහිරුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් මාක්‍රම් දැවී යන විට ලබා සිටියේ ලකුණු 20 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් 9 වැනි පන්දු යවන්නා වන්නේ ලහිරු කුමාරයි. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් බිද හෙලූ 5 වැනි වේග පන්දු යවන්නා ලෙස ද ලහිරු කුමාර ඉතිහාසයට එක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...