WBBL ශූරතාවය පළමු වරට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට

Date:

පළමු වරට කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයෙන් බ්‍රිස්බේන් හීට් කාන්තා කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු 7ක ජයක් වාර්තා කරමින්.

මෙල්බර්න්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බ්‍රිස්බේන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 141 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

Hayley Matthews පන්දු 61 කින් ලකුණු 69 ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සමගින්. පන්දු යැවීමේ දී Charli Knott ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 3.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 19 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් බ්‍රිස්බේන් හඹා යාම පන්දුවාර 12 කට සීමා කිරීමට විනිසුරුවන් කටයුතු කළා. එහිදී බ්‍රිස්බේන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ජයග්‍රහනයට හිමි වූ ඉලක්කය ලකුණු 98 ක්.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90 ක් පමණයි.

Jess Jonassen නොදැවී ලකුණු 44 (28) ක් රැස් කළ අතර, Hayley Matthews ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...