පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ශූරයින්ගේ කුසලානයේ අලුත්ම තත්ත්වය ගැන කතා කරයි

Date:

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදය තවමත් විසදී නොමැති පසුබිමක මෙම ගැටලුවට ක්‍රිකට් ක්‍රීඩාවට හා පාකිස්තානයට ප්‍රයෝජනයක් අත්වන දිගු කාලීන විසදුමක් අවශ්‍ය බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi පවසනවා.

ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව දැනුම් දීමත් සමග තරගාවලිය පවත්වන ආකාරය පිළිබද ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වූ අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් ද පැවැත්වුණා. නමුත්, මෙම ගැටලුවට තවමත් අවසන් විසදුමක් ලැබී නැහැ.

“ඒකපාර්ශ්වික තීරණවලට අපි ඉඩ දෙන්නේ නැහැ, සමානාත්මතාවය මත පදනම්ව තීරණ ගත යුතුයි.” යනුවෙන් ඩුබායිහීදී මාධ්‍ය වෙත අදහස් දක්විමන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළා.

දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වීමට සූදානම් ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී ඔහු සෘජු පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

“අපි ක්‍රිකට් වෙනුවෙන් හොඳම දේ කරනවා. අපි වෙනත් ක්‍රමයක් (පාකිස්තානයේදී සම්පූර්ණ තරඟාවලිය පැවැත්වීම හැර) අනුගමනය කරන්නේ නම්, එය සමානාත්මතාවයේ පදනම මත සිදු වේවි. පාකිස්තානයට වැදගත්ම දෙය වන්නේ එහි ගෞරවයයි ; අනෙක් සියල්ල ඊට දෙවැනි වනවා.”

“ඒක පාර්ශ්වීය වැඩපිළිවෙළක් තවදුරටත් පිළිගත නොහැකියි, අපි දිගටම ඉන්දියාවට යනවා, නමුත් ඔවුන් පකිස්ථානයට එන්නේ නැහැ. එය එසේ සිදු විය නොහැකියි. කුමක් සිදු වුවද සමානාත්මතාවයේ පදනම මත සිදුවිය යුතුයි.”

ඒ අනුව අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පාකිස්තානයේදී හා වෙනත් රටකදී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය කොන්දේසිවලට යටත්ව එකග වීමට බොහෝ දුරට ඉඩක් ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී මෙම තරගාවලියට යොදා ගන්නා ක්‍රමවේදය ඉදිරියේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි සදහා ද යොදා ගත යුතු බවට පාකිස්තානය කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

ඒ අනුව 2031 වසර දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලි සදහා ද දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීමට අයි.සී.සීයට හා ඉන්දියාවට සිදු විය හැකියි. 2025 කාන්තා එක්දින ලෝක කුසලානය, 2026 T20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව සමග), 2029 ශූරයින්ගේ කුසලානය හා 2031 එක්දින ලෝක කුසලානය (බංග්ලාදේශය සමග) සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...