ශඩ්මන්ගෙන් නොදැවුණු 50 ක් – කොදෙව්වන් උඩ පන්දු 3 ක් අත්හරියි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද (1) අලුයම ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව තරගය පැය පහක පමණ ප්‍රමාදයකින් පසුව එරට වේලාවෙන් පස්වරු 3 ටයි ආරම්භ කෙරුණේ.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු දෙකක් දැවී ලකුණු 69 ක් ලබා සිටියා.

මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 3 කටත්, මොමිනුල් හක් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා. ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 50 ක් හා  ශහඩාට් හොසේන් නොදැවී ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ කෙමා රෝච් විසින්. පළමු දිනයේදී කොදෙව් පන්දු රකින්නන් අතින් උඩ පන්දු 3ක් ගිලිහී යාම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...