Lanka T10 නිසා ශකිබ් බංග්ලාදේශ එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට ශකිබ් අල් හසාන් නම් කර නොමැති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත Lanka T10 Super League තරගාවලියට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටීම හේතුවෙන් ශකිබ් එම එක්දින තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මේ දිනවලදී Abu Dhabi T10 තරගාවලියට ක්‍රීඩා කරන ශකිබ් Lanka T10 තරගාවලියේදී Galle Marvels කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. Lanka T10 Super League තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මේ වන විට ටෙස්ට් හා විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන සිටින ශකිබ් 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා එක්දින තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

කෙසේ වෙතත්, ඔහු මෑතකදී නිමා වූ ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කළේ නැහැ. ශූරයින්ගේ කුසලානයට පෙර බංග්ලාදේශය ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය වන්නේ එළඹෙන කොදෙව් එක්දින තරගාවලියයි.

කොදෙව්වන් හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය අද(30) සිට පැවැත්වෙන අතර, එක්දින තරග තුන ලබන 8, 10 හා 12 යන දිනවලදී ද, විස්සයි 20 තරග 3 දෙසැම්බර් 15, 17 හා 19 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...