“අපි අතින් වරදක් වුණා, 42 ට දැවී යාම ගැන අපිත් shock වුණා” : චන්දිමාල්

Date:

පිතිකරුවන් ලෙස දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී සියලු දෙනා අතින් වරදක් සිදු වූ බව පිළිගන්නා බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඩර්බන් ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චන්දිමාල් ඒ බව සදහන් කළා.

පළමු ඉනිමේදී ලකුණු 42 කට දැවී යාම කණ්ඩායමේ සියලු දෙනාට ද අදහාගත නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නා.

දකුණු අප්‍රිකාවට පැමිණ කිසිදු පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නොලැබුණු පසුබිමක කණ්ඩායමේ පිතිකරුවන් ක්‍රීඩාංගනයේ මැද තණතීරුවේ ක්‍රීඩා කළ පළමු ඉනිම වූයේ ඩර්බන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම බව චන්දිමාල් සදහන් කර සිටියා.

එය ද පිතිකරණයෙන් පළමු ඉනිමේදී අසාර්ථක වීමට හේතුවක් වන්නට ඇති බව ඔහුගේ අදහසයි. නමුත්, එය නිදහසට කරුණක් නොවන බව ද චන්දිමාල් සදහන් කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...