තවත් ප්‍රබලයෙකුට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක්

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානයක් මතුව තිබෙනවා.

ඒ, දෙරට අතර අද (30) නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු මුහුණ දුන් ආබාධයක් (groin niggle) හේතුවෙන්. පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 233 ක දැවැන්ත ජයක් හිමි කර ගත්තා.

ජෙරාල්ඩ් කොට්සියා හෙට දිනයේදී වෛද්‍ය පරීක්ෂණ වෙත මුහුණ දීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 18 කට කඩුලු 2 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 67 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් වැදීම නිසා දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී ඇති පසුබිමකයි ජෙරාල්ඩ් කොට්සියාට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

මෝල්ඩර් වෙනුවට Matthew Breetzke දෙසැම්බර් 5 වැනිදා Gqeberha හී දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් වන දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ලුන්ගි එන්ගිඩී හා නන්ඩ්‍රි බර්ගර් ද ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් තේරීම් සදහා සලකා බැලීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...